ඩ්‍රෝන යානයක් හරස්වෙලා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ, ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානය, නියමුවන් රහිත කුඩා ඩ්‍රෝන යානයක ගැටීමට ගිය බවත්, ‘එයාර් ෆෝස් 1’ යානයේ නියමුවන්ගේ දස්කමින්, සිදුවන්නට ගිය අනතුරක් වළක්වා ගැනීමට හැකිවුණු බවත් වාර්තා වේ.
ඩ්‍රෝන යානයක් යනු නියමුවන් රහිතව, දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක යානායකි. කුරුසියක හැඩැති, කළු සහ කහ වර්ණ ගැන්වුණු මෙම ඩ්‍රෝන යානය හිටිහැටියේ, එයාර්ෆෝස් 1 යානය ඉදිරියෙන් මතුවී ඇත්තේ, එයාර්ෆෝස් 1 යානය මේරිලන්ඞ් හි ඇන්ඩෲස් ගුවන් කඳවුරට ගොඩබෑමට යෑමේදීය. නියමු දස්කමින් යානය කඳවුරට ගොඩබෑමට නියමුවෝ සමත් වූහ.
ඩ්‍රෝන යානය ‘එයාර් ෆෝස් 1’ යානයට සමීප වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව පෙන්ටගනය පවසයි. ඇන්ඩෲස් ගුවන් කඳවුර ද පවසා ඇත්තේ ඔවුන් ද සිද්ධිය සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් පවත්වන බවය.
ඩ්‍රෝන යානයක්, තම නිල ගුවන් යානයට හරස් වූ බව, තමන් දැනගත්තේ ඇන්ඩෲස් ගුවන් කඳවුරට ගොඩ බැසීමෙන් පසුව යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුව පැවැසුවේය.
වොෂින්ටනයේදීය (රොයිටර්)