ට්‍රම්ප්ගේ නීතීඥවරයාට කොරෝනා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතීඥ රූඩි ජුලියානි ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
79 හැවිරිදි වියෙහි පසුවන ජුලියානි, ට්‍රම්පේ සමීපතම මිතුරකු ද වෙයි. මොහු මීට පෙර නිව්යෝක් නගරසභාපති ලෙස ද කටයුතු කර තිබේ.
පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින්, ට්‍රම්ප් ඊට එරෙහිව නීති මගින් ඊට එරෙහිව කටයුතු කරයි. එම කටයුතු මෙහෙයවීම සිදු කළේ ජුලියානි ප්රමුඛ නීතීඥ කණ්ඩායමය.
තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට, සෑම තත්ත්පර 30 කට වරක්ම ඇමෙරිකානුවෙක් වයිරසය හේතුවෙන් මරණයට පත්වෙයි.
ඇමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 15,159,529 ක් දක්වා ඉහළ ගියේය. සමස්ත කොරෝනා මරණ වාර්තා වූයේ 2,88,906 ක් ලෙසය.
මේ අතර ඇමෙරිකානු ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගම, ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් නිපදවා ඇති ‘කොවිඩ් 19’ වයිරස ආසාදනය වළක්වන එන්නත ලබන 11 වැනිදා සිට ඇමෙරිකානුවන්ට බෙදා දීමට නියමිත බව ද පැවැසෙයි.
මීට අමතරව ඇමෙරිකාවේ මොඩර්නා සමාගම ද තවත් කොරෝනා වළක්වන එන්නතක් නිපදවා ඇති අතර එය ද නත්තලට පෙර ඇමෙරිකානුවන්ට ලැබෙනු ඇතැයි ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිවේදනය කර තිබේ.
වොෂින්ටන්යේදීය (ඒ.එෆ්.පී.)