ට්‍රම්ප්ගේ නත්තල් සාදය



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා සංවිධානය කළ නත්තල් දිනට පෙර දා රාත්‍රී සාදය ෆ්ලොරීඩාවේ මාර් අ ලාගෝ නිවාඩු නිකේතනයේ දී පැවැත්විණි.

ට්‍රම්ප් පවුලේ සැවොම ඊට එක් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ජනපති ට්‍රම්ප්ගේ ඇරැයුම පිළිගනිමින් ප්‍රකට නීතීඥ ඇලන් ඩොර්ටෝවිෂ් ද රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූයේය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවිය. එම දෝෂාභියෝග චෝදනා ලබන ජනවාරියේ ඇමෙරිකන් කොංග්‍රසයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරේ.
එහිදී ට්‍රම්ප් සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙන අතර ඇලන් ඩොර්ටෝවිෂ් ද ට්‍රම්ප්ගේ නීතීඥ කණ්ඩායමට එක් වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ට්‍රම්ප්ගේ පවුලේ අයට අමතරව ට්‍රම්ප්ගේ හිතවාදීන්, මිතුරන්, රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයන් ඇතුළු බොහෝ දෙනෙක් භෝජන සංග්‍රහයට එක් වී සිටියහ.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS