ට්විටර් සමාගමට අලුත් ලොක්කෙක්



'ට්විටර්' සමාජ මාධ්‍ය ජාලයේ සම නිර්මාතෘවරයා ද වන ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් ඉවත් වීමත් සමඟ 'ට්විටර්' ප්‍රධාන විධායක ධුරය ඉන්දීය සම්භවයක් ඇති පරාග් අග්‍රවාල් ට හිමිවී තිබේ.

ප්‍රධාන විධායක ධුරය හිමිවීමට පෙර අග්‍රවාල් 'ට්විටර්' සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කළේය. 45 හැවිරිදි ජැක් ඩොර්සි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 'දැන් මට යන්න වෙලාව ඇවිත්' යනුවෙනි.

ඔහු ප්‍රධාන විධායක තනතුරෙන් සමුගත්තේ ඒ අනුවය. ජැක් ඩොර්සි, 2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නෝවා ග්ලාස් සමඟ එක් වී ට්විටර් සමාගම නිර්මාණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS