ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණනය කරයි
ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණන් කරන බව එම ජනපදයේ බලධාරීහු මීට ටික වේලාවකට පෙර නිවේදනය කළහ.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ උණුසුම තවදුරටත් වැඩි කිරීමටත් තිබෙන අවිනිශ්චිත බව තවදුරටත් වැඩි කිරීමටත් මෙය හේතුවක් වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී දින තුනක් ගත වුණද තවමත් නිල අවසන් ප්‍රතිඵලයක් හෝ ජයග්‍රාහකයා කවුරුන්දැයි ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගත වී තිබේ.
ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්දයෙන් අති විශාල සංඛ්‍යාවක් ගණනය කිරීමෙන් අනතුරුව හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉතා සීමිත පරතරයකින් ඉදිරියෙන් සිටීමට සමත්ව ඇත.
‘‘ඉතා සීමිත පරතරයක් තිබෙන්නේ. ඒ නිසා ජෝර්ජියා ජනපදයේ ඡන්දය නැවත ගණන් කරනවා’’ යැයි එම ජනපදයේ රාජ්‍ය ලේකම් බ්‍රැඩ් රැෆෙන්ස්පර්ජර් ඇට්ලන්ටාහිදී මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.
ඒ.එෆ්.පී.