ජල ගැලීම්වලින් 80 ක්



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස තර්ජන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, ජල ගැලීම් හේතුවෙන් 80 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව, 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මහ වැසි ඇදහැලීම ආරම්භ වූයේ මෝසම් වැසි සමය උදා වීමත් සමඟය. ගම්මාන 10 ක මිලියන දෙකකට වැඩි පිරිසක් ජල ගැලීම් හේතුවෙන් අවතන් යැයි ද පැවැසෙයි.

විපතට පත්වූවන්ට කඩිනමින් සහන ලබා දෙන බව ඇසෑම් ප්‍රාන්ත බලධාරීහු පවසා ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අවදානය ද ඇසෑම් ප්‍රාන්තය කෙරෙහි යොමු වී ඇතැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා සඳහන් කරයි.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS