ජර්මන් චාන්සල්වරිය ගැන බියක්



ස්පාඤ්ඤයට පසු වැඩිම වයිරස ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ ජර්මනියෙනි. ජර්මනියෙන් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 24,874 කි. ජර්මනියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 94 කි.

ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පසුවුණු හෙයින් ඇගේ වෛද්‍යවරයා පැමිණ නිවුමෝනියා තත්ත්වය වැළැක්වීමට එන්නතක් දුන් බව පසුගිය දා වාර්තා විය.

විදෙස් පුවත් සේවා අද (23) වාර්තා කළේ චාන්සල්වරියට එන්නත ලබා දුන් වෛද්‍යවරයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇති බවය. ඒ අනුව චාන්සල්වරිය දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කළ බව ද වාර්තා විය.

බර්ලීනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS