ජනගහනයෙන් සියයට 88 කට එන්නත
දකුණු කොරියාව සිය ජනගහනයෙන් සියයට 88කට ආසන්න පිරිසකට, එනම් ජනගහනයෙන් මිලියන 44කට ‘කොවිඩ්-19’ එන්නත් ඇණවුම් කර ඇතැයි එරට රජය නිවේදනය කරයි.
දකුණු කොරියාවේ ජනගහනය මිලියන 52කට ආසන්න වේ.
‘කොවැක්ස්’ යනුවෙන් හැඳින්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය එන්නත් ව්‍යාපෘතියෙන් සහ ඖෂධ සමාගම් හතරකින් දකුණු කොරියාව මෙලෙස එන්නත් ඇණවුම් කර ඇත.
දකුණු කොරියාව තුළ මේ වනවිට නව කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලක් නිර්මාණය වී තිබෙන අතර එය රට තුළ නිර්මාණය වූ විශාලතම නව කොරෝනා වයිරස රැල්ල එය යැයි ද පැවසේ.
තත්ත්වය පාලනය කරගත නොහැකි තත්ත්වයක් දක්වා ඔඩු දුවා ඇතැයි සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වී ඇතැයි ද දකුණු කොරියානු සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
ඇස්ට්‍රාසෙනකා, ෆයිසර් සහ මොඩර්නා යන සමාගම්වලින් එන්නත් මාත්‍රා මිලියන 20 බැගින් ද ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමට අයත් ඖෂධ සමාගමක් වන ජැන්සෙන් සමාගමෙන් තවත් එන්නත් මාත්‍රා මිලියන 4ක් ද ඇණවුම් කර ඇතැයි දකුණු කොරියාවේ සෞඛ්‍ය අමාත්‍ය පාර්ක් නෙන්ගේ හූ පැවැසීය. එම එන්නත් ප්‍රමාණය මිලියන 34ක ජනතාවකට ප්‍රමාණවත් වන බව ද හෙතෙම කීය.
ඉතිරි එන්නත් මාත්‍රා මිලියන 10 ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘කොවැක්ස්’ ව්‍යාපෘතියෙන් ලබාගන්නා බව ද ඔහු කීවේය.
“මිලියන 30ක ජනතාවකට එන්නත් ගන්න අපි මුලදී සැලසුම් කළා. එහෙත් පසුව එම ගණන වැඩි කළා. ඇතැම් එන්නත් සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වීම සහ එන්නත් මිලදී ගැනීමට රටවල අතර තිබෙන තරගකාරීත්වය වැඩි වීම යන කරුණු නිසා මිලදී ගන්න එන්නත් ප්‍රමාණය වැඩි කළා” යැයි ද දකුණු කොරියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.
රොයිටර්