චෙන්නායි යළි වසාදැමේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර  යළි දින 12 දක්වා වසා දැමුණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුළු ඉන්දියාවම ‘ලොක්ඩවුන්’ කළ අවස්ථාවේදී චෙන්නායි අගනුවර ද ‘ලොක්ඩවුන්’ විය. කෙසේ නමුත් මාසයක කාලයකින් පසු යළි නගරය අදියරෙන් අදියර විවෘත කෙරුණු අතර දෛනික කටයුතු ආරම්භ විය.

නගරය එසේ විවෘත කළත් පාසල් ආරම්භ වීමක් සිදු නොවිණි.  චෙන්නායි බලධාරීන් නිවේදනය කළේ, අත්‍යවශ්‍ය සේවා හැර සියලු සේවා, වෙළෙඳසැල්, කාර්යාල දිගටම වසා තැබෙන බවය. ඉන්දියාවේ සිවුවැනි විශාලතම නගරය වන්නේ චෙන්නායි ය. චෙන්නායි නුවරින් පමණක් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 50,000 පසු කර ඇත. චෙන්නායි අගනුවරින් වාර්තා වන ‘කොවිඞ් 19’ මරණ සංඛ්‍යාව 600 කි.

චෙන්නායිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS