චෙක් ජනරජයේ රෝහලක වෙඩි තැබීමක්



චෙක් ජනරජයේ ඔස්ට්‍රාවා නුවර රෝහලකට කඩා වැදුණු තරුණයෙක් රෝහලේ සිටි පුද්ගලයන් 6 දෙනකුට වෙඩි තැබුවේය.

තරුණයා දකින දකින අයගේ හිසට වෙඩි තැබූ බව වාර්තා වේ. ඉන්පසු එම තරුණයා වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බව පොලිසිය පවසයි.

චෙක් අගමැති ඇන්ද්‍රෙජ් බාබිස් සිද්ධිය ගැන කනස්සල්ල පළ කර ඇති බව ද පැවැසෙයි. මෙවැනි ගිනි අවි මුල්කොට ගත් ඝාතන චෙක් ජනරජයේ විරලය. තරුණයා එම වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS