චීන විදේශ ඇමැතිට විරෝධයක්



රුසියන් යුක්රේන අර්බුදයේදී, චීනය රුසියාවට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ට විරෝධය පළ කර තිබේ.

ඇන්තනි බ්ලින්කන් සහ වැන්ග් යී අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වීම සිදුවූයේ ‘ජී20’ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුව, ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත්වුණු අවස්ථාවේදීය.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහ චීන විදේශ අමාත්‍යවරයා අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.

ඇන්තනි බ්ලින්කන් සහ වැන්ග් යී හමුවට සමගාමීව, දෙරටේ නියෝජිතයන් අතරේ ද විශේෂ හමුවක් පැවැත්විණි. ඒ, පළුදු වී ඇති ඇමෙරිකන් චීන සබඳතා යළි ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.

(රොයිටර්)


RECOMMEND POSTS