චීන විදෙස් ඇමැති ගැන ඉන්දියාව අවධානයෙන්



චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මියන්මාරයේ කලාපීය රැස්වීමක් සඳහා සහභාගී වීමට නියමිත අතර, එහිදී ඔහු මියන්මාර හමුදා රජය සමග ඉන්දියාව පිළිබද සාකච්ඡා කරනු ඇතැයි ද පැවැසෙයි.

මියන්මාර හමුදාව පසුගිය පෙබරවාරියේ එරට බලය අල්ලා ගැනීමෙන් පසු චීනය නියෝජනය කරමින් පැමිණෙන ඉහළම රාජය තාන්ත්‍රිකයා වනු ඇත්තේ වැන්ග් යී ය.

බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ චීන-මියන්මාර සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණය. ඊට අමතරව ඉන්දියාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කෙරනු ඇත.

ඉන්දීය රජය පවසා ඇත්තේ චීන විදේශ අමාත්‍යවරයා සහ මියන්මාර හමුදා පාලකයන් ඉන්දියාව සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන බවය.

(ඉකොනොමික්ස් ටයිම්ස්)


RECOMMEND POSTS