චීන රුසියා දේශසීමා වැසෙයි



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන්, චීන රුසියා දේශසීමාව වසා දැමීමට රුසියානු රජය තීරණය කර ඇත.

රුසියාවත් චීනයත් අතර දේශසීමාව කිලෝ මීටර් 4,180 ක් දුර දිවයයි. මීට අමතරව චීනය සහ රුසියාව මොංගෝලියාවටත් උතුරු කොරියාවටත් මායිම් වෙයි. ​එම දේශසීමා ද වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ, රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින්ය.

මේ වනතුරු රුසියාවෙන් කිසිදු වයිරස රෝගියකු හමුවී නොමැති බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS