චීන බැලූනයක් ඇමෙරිකාවේ ඔත්තු බලනවා



චීනයට අයත් යැයි සැක කෙරෙන ඇමෙරිකාවට පැමිණ ඔත්තු බැලීම් කරනවා යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි.

ඉතා ඉහළ අහසේ සැරිසරන මෙම බැලූනය අවසන් වරට දකින්න ලැබී ඇත්තේ ඇමෙරිකාවේ මොන්ටැනා ජනපදයේ බිලින්ග්ස් නගරයට ඉහළිනි.

ඇමෙරිකා රජයට සහ ආරක්ෂක අංශවලට අයත්, ගොඩනැගිලි සහ ස්ථානවලට ඉහළින් යමින් මෙම බැලූනය ඔත්තු බැලීමේ කටයුතුවල නියැලෙන බව පැවැසෙයි.

බැලූනයට පහර දී බිම දැමීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සූදානමින් සිටී. කෙසේ නමුත්, බැලූනයේ කොටස් නගරවලට පතිත වීමෙන් අනතුරක් සිදුවිය හැකි බැවින්, පහර දීමක් නොකර බැලූනය ගැන විමසිල්ලෙන් සිටින බව ද ආරක්ෂක අංශ පැහැදිලි කර තිබේ.

චීනය මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. එසේ වුවත් ඇමෙරිකන් ආරක්ෂක ප්‍රධානීන් චීන බලධාරීන්ට බැලූනය ගැන පවසා ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලියොඩ් ඔස්ටින් සහ ඇමෙරිකන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මාර්ක් මයිලි මෙම බැලූනය සම්බන්ධයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානී හමුවී සාකච්ඡා පවත්වා තිබේ. ඔවුන් බැලූනය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට ද ලබා දී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS