චීන නගරවල උෂ්ණත්වය ඉහළට



චීන නගර 70 ක උෂ්ණත්වය අනතුරුදායක අන්දමින් ඉහළ යමින් පවතී. චීන කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ එරට නගර 70 ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පසු කර ඇති බවත්, දිනෙන් දින එය ඉහළ යමින් පවතින බවත්ය.

මීට අමතරව චීනයේ තවත් නගර 393 ක උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 35 ට වඩා ඉහළ අගයක් පෙන්නුම් කළේය. චීන නගරවල උෂ්ණත්වය මෙසේ අසාමාන්‍ය ආකාරයට ඉහළ ගොස් ඇත්තේ ගෝලීය උණුසුමේ අනිසි ප්‍රතිඵලයක් නිසා යැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS