චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට
චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. චීනය පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරයි.
ගනගාමීන් තිදෙනා පෘථිවි කක්ෂයට ගියේ ‘ටියැංගොන්’ නමැති එම අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහාය.
චීන රොකට්ටුවක සහ ගගන කැප්සියුලයක ආධාරයෙන් මෙම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශයට ගියේ, ගෝබි කාන්තාරයේ චීනයට අයත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ඒ, ‘ෂෙංග්ෂූ 15’ මෙහෙයුම යටතේය.
57 හැවිරිදි චීන ගගනගාමී ෆෙයිජුන්ලොන් ‘ෂෙංග්ෂූ 15’ මෙහෙයුමට නායකත්වය දෙයි. 2005 වසරේ සිදුවුණු ‘ෂෙංග්ෂූ 6’ මෛහයුමට නායකත්වය දුන්නේ ද මොහුය. ෆෙයිජුන්ලොන් අභ්‍යවකාශ මෙහෙයුමකට එක් වූයේ 2005 මෙහෙයුමින් පසුව යැයි ද පැවැසෙයි.
‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙම 2022 වසරේ ඉදිකර නිමා කිරීමෙන් පසු චීනය අභ්‍යවකාශ කටයුතු රැසකට දායක වීමට නියමිතය. සඳට ගගනගාමීන් යැවීමට පවා බලාපොරොත්තු වෙයි.
(රොයිටර්)