චීන එන්නත බ්‍රසීලයේ අත්හදා බැලීම් නවත්වයි
චීන රජය නිපදවූ ‘කොරෝනාවැක්’ එන්නත බ්‍රසීලයේ අත්හදා බැලීම නැවැත්වීමට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ තීරණය කර තිබේ.
‘කොරෝනාවැක්’ එන්නත බ්‍රසීලයේ අත්හදා බැලීමට බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබුණු අතර, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් තෝරා ගනිමින් එන්නත ලබා දීම සිදුවිය. කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් දැන් පවසා ඇත්තේ චීනයේ ‘කොරෝනාවැක්’ එන්නත ආරක්ෂාකාරී එකක් නොවන බවය.
‘කොරෝනාවැක්’ එන්නත සාර්ථකදැයි හෝ ආරක්ෂිත දැයි හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් පවසා නැත. ‘කොරෝනාවැක්’ එන්නත නිපදවීම සිදුවූයේ චීන හමුදාවේ ද මැදිහත් වීමෙනි. ඒ, ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය.
‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය සිදුවුණු චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ වැසියන්ට, මෙම එන්නත ඇමෙරිකන් ඩොලර් 60 ක මුදලකට මිලදී ගැනීමට හැකි බව ද පැවැසෙයි.
සාඕ පාවුලෝහිදීය (රොයිටර්)