චීනයේ හුබෙයි ප්‍රාන්ත වැසියන්ට හොංකොං තහනම්



චීනයේ හුබෙයි පළාතෙන් වැසියන්ට හොංකොං පැමිණීම තහනම් කිරීමට හොංකොං බලධාරීහු ඊයේ (27) පියවර ගත්හ. ඒ, හොංකොංවලින් නව කොරෝනා වයිරසය ආසාදනය වූ පස් දෙනකු හමුවීමත් සමඟය.

එම පස් දෙනා චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් සහ වූහාන් නුවරින් චීනයට පැමිණි අය බව පැවැසෙයි. කොරෝනා වයිරස පවුලට අයත් මෙම නව වයිරසය පැතිරීම ආරම්භ වූයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ගතවුණු පැය 24 ඇතුළත හුබෙයි ප්‍රාන්තයෙන් හමුවුණු නව කොරෝනා වයිරස රෝගීන් ගණන 56 සිට 76 තෙක් ඉහළ ගිය බව ද වාර්තා විය.

හොංකොං යනු චීනයට අයත් වුවත් වෙනම පාලනයක් සහිත පාලන ප්‍රදේශයකි. නව කොරෝනා වයිරසය වැළැඳුණු රෝගීන් හමුවෙද්දී, හොංකොං හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හොංකොං පාලිකා කැරී ලෑම් ඉකුත් 25 වැනිදා පියවර ගත්තාය.

මේ වනවිට චීනයෙන් පිට වැඩිම කොරෝනා වයිරස රෝගීන් හමුවී ඇත්තේ හොංකොංවලිනි. ඇමෙරිකාව ඊයේ (27) නිවේදනය කළේ තෙවැනි කොරෝනා වයිරස රෝගියා හමුවුණු බවය. චිකාගෝ සහ නිව්යෝක් නගරවලින් රෝගීන් එම රෝගීන් හමුවී ඇතැයි වාර්තා වේ.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS