චීනයේ කීමට නිකර්ගුවාව තායිවානය අත්හරී



තායිවානය සමඟ පවතින සියලුම රාජතාන්ත්‍රික සබඳතා අත්හැර චීනය සමඟ එක්වන බව ලතින් ඇමරිකානු නිකරගුවා රාජ්‍යය නිවේදනය කර තිබේ.

තමන් සමඟ සබඳතා ඇරඹීමට නම්, තායිවානය අත්හැරිය යුතු යැයි චීනය නිකරගුවාවට කොන්දේසි පනවා තිබුණි. නිකර්ගුවාව තායිවානය අත් හැරීමට කටයුතු කළේ ඒ අනුව බව පැවැසෙයි.

ඒ අනුව ජගත් සංවිධාන සාමාජික රටවල් අතුරින් තායිවානයට සහය දක්වන රටවල් සංඛ්‍යාව 14 දක්වා පහළ යන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.  මීට පෙර එම ගණන 21 ක් වී පැවැතිණි.

තායිවානය තම රටින් වෙන්වූ ප්‍රාන්තයක් ලෙස චීනය සලකයි. තායිවානය පවසා ඇත්තේ චීනය ලබන වසරේ දී තමන් ආක්‍රමණය කිරීමට සැරැසෙන බවය.

ඇමෙරිකාව පවසා ඇත්තේ තමන් දිගටම තායිවානය සමඟ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන බවය. තායිවානය සමඟ සබඳතා තර කර ගන්නැයි ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් ඉල්ලීමක් කර තිබේ. නිකරගුවා රජය තායිවානය අතහැර චීනය හා එක්වීම සිදුවූයේ එවැනි තත්ත්වයක් යටතේය.

(රොයිටර්)


RECOMMEND POSTS