චීනයට මහ වැසි: ජලගැලීම්



චීනයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, මහ වැසි නිසා හටගත් ජල ගැලීම් සහ නාය යෑම්වලින් 140 කට වැඩි පිරිසක් මියගොස් මිලියන 38 කට වැඩි පිරිසකට උන්සිටිතැන් අහිමි වී ඇති බවත් චීන පුවත් සේවා ඊයේ (13) වාර්තා කළේය.

මහ වැසි හේතුවෙන් පීඩාවට පත් වී ඇත්තේ ජියැංෂි, ඇන්හුයි, හුබෙයි සහ හුනාන් පළාත්ය. ලොවට වසංගතයක් වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ හුබෙයි පළාත කේන්ද්‍රකොට ගනිමිනි.

ජල ගැලීම් හේතුවෙන් විනාශයට පත්වුණු ගොඩනැගිලි ගණන 28,000 ක් බව ද පැවැසෙයි. සිදුවුණු අලාභය තක්සේරු කර ඇති බවත් එය ඇමෙරිකන් ඩොලර් බිලියන 11.7 ක් බවත් පැවැසෙයි. විපතටපත්වූවන්ට අවශ්‍ය ආධාර වහා ලබා දෙන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින් පළාත් බලධාරීන්ට උපදෙස් දී ඇති බව ද වාර්තා වේ.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS