ගෝලීය ආහාර අර්බුදයක්



රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය, ගෝලීය ආහාර අර්බුද මඟ පාදනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි.

එම ආහාර අර්බුදය වසර ගණනාවක් පවතිනු ඇති බවත්, ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීමෙන් දිළිඳු රටවල වැසියන් මහත් සේ පීඩාවට පත්වනු ඇති බවත්, එය මානව ඛේදවාචකයකට මුල පුරනු ඇති බවත් ජගත් මහ ලේකම්වරයා අවධාරණය කර තිබේ.

ජගත් මහ ලේකම්වරයා දිගින් දිගටම රුසියාවෙන් ඉල්ලා ඇත්තේ යුක්රේන යුද්ධය නවත්වන ලෙසය. මේ වනවිටත් ලෝක ආහාර සැපැයුමට යුද්ධයේ බලපෑම එල්ල වී ඇති බවත් ආහාර මිල ඉහළ යෑමට පටන්ගෙන ඇති බවත් මහ ලේකම්වරයා පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS