ගිනිකන්දට බිලිවුණු මළසිරුරු හමුවෙයි
නවසීලන්තයේ වයිට් අයිලන්ඞ් දූපතේ ගිනිකඳු පිපිරීමත් සමඟ අතුරුදන් වූ සංචාරකයන් 6 දෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි නවසීලන්ත රජය පවසයි.
මළ සිරුරු හමුවී ඇත්තේ දූපත අවට මුහුදේ මළසිරුරු සොයමින් කිමිඳුණු කිමිඳුම්කරුවන්ටය. ගිනි කන්ද පුපුරා යද්දී, ඒ අවට දෙස් විදෙස් සංචාරකයන් 47 දෙනකු සිටි බව පැවැසෙයි. තවත් අතුරුසන් අට දෙනකු සිටින බවත් ඔවුන්ගේ මළ සිරුරු සෙවීම දිගටම සිදු කරන බවත් වාර්තා වේ.
ගිනි කන්ද පුපුරා යද්දී පිළිස්සුම් තුවාල ලැබූ 20 දෙනකු රෝහල් ගත කෙරුණි. ඔවුන්ගෙන් කිහිප දෙනකු දරුණු ලෙස පිළිස්සුම් ලබා ඇති බව පැවැසෙයි. එම පිරිස දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින බව ද නවසීලන්ත පුවත් සේවා වාර්තා කරයි.
ඕක්ලන්ඞ්හිදීය (ඒ.එෆ්.පී.)