ගබ්සා අයිතිය ස්ථාපිත කරනවා



ඇමෙරිකන් කාන්තාවන්ගේ ගබ්සා අයිතිය යළි ස්ථාපිත කිරීමට ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ.

ඇමෙරිකා කාන්තාවන්ට හිමිවී තිබුණු ගබ්සා අයිතිය අහෝසි කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මීට සති කීපයකට පෙරය. එය ඇමෙරිකන් කාන්තාවන්ගේ බොහෝ දෙකකුගේත් ජෝ බයිඩන් පරිපාලනයේත් දැඩි විරෝධයට හේතුවක් විය.

“ඇමෙරිකන් කාන්තාවන්ට ගබ්සා කර ගැනීම සඳහා ලබා දී තිබුණු ව්‍යවස්ථාපිත අයිතිය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එය යළි ස්ථාපිත කිරීමට මා කඩිනමින් පියවර ගන්නවා. ඒ සඳහා නීතිමය කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා” යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS