කොසෝවෝ ජනපතිට යුද අපරාධ චෝදනා



කොසෝවෝ ජනාධිපති හෂීම් ටාෂි ඇතුළු තවත් 9 දෙනකුට යුද අපරාධ චෝදනා එල්ල වී ඇත.

හෂීම් ටාෂි ඇතුළු එම නව දෙනාට යුද අපරාධ චෝදනා එල්ල වී ඇත්තේ කොසෝවෝ රාජ්‍යයේ නිදහස වෙනුවෙන් සර්බියාවට එරෙහිව පැවැති යුද්ධය හේතුවෙනි.

පුද්ගලයන් 100 දෙනකු ඝාතනය සහ තවත් බොහෝ දෙනකු වධ බන්ධනයට ලක් කිරීම සහ අතුරුදන් කිරීම යන චෝදනා ජනාධිපති හෂීම් ටාෂි ඇතුළු පිරිසට එල්ල වී තිබේ.

කෙසේ නමුත් තමන් කිසිදු වරදක් කර නොමැති බව ජනාධිපතිවරයා තරයේ පවසා ඇත. හෂීම් ටාෂි කොසෝවෝ ජනාධිපති ධුරයට පත් වූයේ නිදහස වෙනුවෙන් පැවැති යුද්ධය අවසානයේ එනම් 1999 දීය. යුද්ධය පැවැතියේ 1998 සිට 1999 තෙක් වසරක කාලයක් තිස්සේය.

නේටෝව මැදිහත් වී එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු යුද්ධය අවසන් විය. වසරක කාලයක් තිස්සේ පැවැති අවි ගැටුම් හේතුවෙන් 10,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණැයි පැවැසෙයි. යුද්ධයට හේතුව වූයේ කොසෝවෝ වෙනම රාජ්‍යයක් යැයි 1998 දී ප්‍රකාශයට පත් කිරීම සහ සර්බියාව ඊට විරෝධය දැක්වීමත් සමඟය.

හේග් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS