කොවිඩ් 19 ආසාදිතයන්ට හදවත් රෝග අවදානමක්



‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති. 

බටහිර වෛද්‍යවරුන්, මේ බව පැවැසුවේ, මුලින්ම ‘කොවිඩ් 19’ ආසාදිතයන් සම්බන්ධයෙන් ලොව නන්දෙසින් ලබා ගත් වෛද්‍ය වාර්තා අධ්‍යයනය කරමිනි.

“කොවිඩ් 19 වයිරසය ආරම්භයේ දී එය බිහිසුණු ස්වරූපයක් ගත්තා. එය කෙමෙන් කෙමෙන් සැර බාල වුණේ එන්නත් නිසා ඇති වූ ප්‍රතිශක්තිය නිසයි. මුලින්ම වයිරසය ආරම්භ වූවන් බොහෝ දෙනකු හෘදයාබාධවලට ලක් වී තිබෙනවා. ආඝාත තත්ත්වයන්ට ලක් වී තිබෙනවා.’ යැයි බටහිර වෛද්‍යවරුන් ඔවුන්ගේ අධ්‍යයන වාර්තා එළිදක්වමින් පැහැදිලි කර ඇත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS