කොරෝනා රෝගීන් කි‍්‍රස්මස් දූපතට



චීනයේ හුබෙයි පළාතෙන් සහ හුබෙයි පළාතට අයත් වූහාන් නගරයෙන් යළි ගෙන්වා ගන්නා  ඕස්ටේ‍්‍රලියානුවන් කි‍්‍රස්මස් දූපතේ රඳවා තැබීමට  ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කර ඇත.

ඒ, එම  ඕස්ටේ‍්‍රලියානුවන් අතරේ කොරෝනා වයිරස රෝගීන් සිටිනවා නම් ඔවුන්ගෙන්  ඕස්ටේ‍්‍රලියාව පුරා රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින්ය.  චීනයෙන් ගෙන්වා ගන්නා සියලූම  ඕස්ටේ‍්‍රලියානුවන් සති දෙකක කාලයක් කි‍්‍රස්මස් දූපතේ රඳවා තැබීමට නියමිතය.

කි‍්‍රස්මස් දූපත යනු  ඕස්ටේ‍්‍රලියාවට අයත් ඉන්දුනීසියාවට දකුණු දෙසින් පිහිටි කුඩා දූපතකි.  ඕස්ටේ‍්‍රලියාව බෝට්ටු මාර්ගයෙන් එරටට පැමිණෙන අනවසර සංක‍්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන රඳවා තැබෙන්නේ ද මෙම කි‍්‍රස්මස් දූපතේය. චීනයේ සිට පැමිණි කොරෝනා වයිරසය ආසාදනය වුණු රෝගීන් පස් දෙනකු  ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවී ඇති බව ද පැවැසෙයි. රෝගී වූ මෙම පිරිස  ඕස්ටේ‍්‍රලියාවට පැමිණ ඇත්තේ මීට සති දෙකකට පමණ පෙරය.

ඕස්ටේ‍්‍රලියාව පමණක් නොව මේ වනවිට ඇමෙරිකාව ද චීනයේ කොටු වී සිටින තම වැසියනක් ආපසු ගෙන්වා ගැනීමට ගුවන් යානා යොදයා ඇති බව ද වාර්තා වේ.

සිඞ්නි නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS