කොරෝනා මරණ 70,000 පනී
ලතින් ඇමෙරිකානු රටවලින් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිත මරණ ගණන 70,000 පසුකර තිබේ.
ලොව දෙවැනියට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් වැඩියෙන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ඊට අමතරව මෙක්සිකෝ, පේරු, චිලී යන රටවල රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ගොස් අවසන්ය. මෙක්සිකෝවේ ‘කොවිඞ් 19’ මරණ 16,000 පසු කර ඇතැයි ද පැවැසෙයි.
ගතවුණු පැය 24 ඇතුළත මෙක්සිකෝවෙන් මරණ 708 ක් වාර්තා විය. හමුවුණු නව ආසාදිතයන් ගණන 4,823 කි. මෙක්සිකෝවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1,30,000 කි.
බ්‍රසීලයේ මරණ ගණන මේ වනවිට 40,000 පසු කර තිබේ.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ බ්‍රසීලයේ ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඊටත් වඩා ඉහළ අගයක් ගන්නා බවය. වයිරස ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් සැබෑ දත්ත වසං කළේ යැයි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ප්රමුඛ රජයටත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් දොස් අහන්න සිදුවී ඇත.
දිනපතා ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් තොරතුරු බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශ නිල වෙබ් අඩවියේ පළ වන දත්ත හිටිහැටියේ වෙනස් කිරීමට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ කටයුතු කළේය. කෙසේ නමුත් ඊට විරෝධයක් එල්ල වෙද්දී ජනපතිවරයා සෞඛ්‍ය අමත්‍යාංශ බලධාරීන්ට උපදෙස් දුන්නේ අමත්‍යාංශ නිල වෙබ් අඩවිය යවත්කාලීන කර දිගටම සුපුරුදු පරිදි පවත්වාගෙන යන ලෙසය.
චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ වයිරසයේ මේ වනවිට කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලතින් ඇමෙරිකා රටවල්ය. මේ වනවිට ලොව පුරා වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මිලියන 7.3 පසු කර ඇති අතර, 4,15,000 ක පිරිසක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
සාඕ පාවුලෝහිදීය (රොයිටර්)