කොරෝනා බෝ වුණේ ට්‍රම්ප්ගේ රැලිවලින්



ඇමෙරිකාවේ මේ වනවිට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැලි හේතුවෙන් දහස් ගණනකට වයිරසය ආසාදනය වී ඇති බවත් අනාවරණය වී තිබේ.

පසුගිය ජූනි 20 සිට සැප්තැම්බර් 30 දක්වා කාලයේ වාර්තා වූ ආසාදිතයන්ගේ පසුබිම් විස්තර සොයා බලද්දී, රිපබ්ලිකන් පාක්ෂිකයන් වන ඔවුන් සියලු දෙනා, ට්‍රම්ප් පැවැත්වූ ජන රැලියකට හෝ ජනහමුවකට සහභාගී වී ඇති බව තහවුරු වී ඇත්තේ සැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය කළ සමීක්ෂණයකිනි.

ට්‍රම්ප්ගේ රැලිවලට ගොස් වයිරසය ආසාදනය වූ ගණන 30,000 ඉක්මවා ඇති බවත්, මරණ 700 ක් වාර්තා වන බවත් එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් වයිරසය ගැන තැනීමක් නොකරන බැවින්, ඔහුගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් හෝ වයිරසය ගැන තැකීමක් නොකරන බවත්, ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන් වැඩි වී ඇත්තේ ඒ නිසා බවත් ඇත්තේ සැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS