කොරෝනා පාසල් අධ්‍යාපනය අඩපණ කරලා
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් මෙම 2020 වසරේ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු මුළුමනින්ම අඩපණ වී ගොස් ඇතැයි යුනෙස්කෝ සංවිධානයේ, ගෝලීය අධ්‍යාපන කටයුතු නිරීක්ෂණ කමිටුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.
රටවල් බොහොමයක පාසල් අධ්‍යාපන කටයුතු අන්තර්ජාල තාක්ෂණය යොදා ගනිමින් සිදු කළත්, සමස්තයක් වශයෙන් එය සියයට 10 ක් පමණක් බවත්, සියයට 90 ක පාසල් දරුදැරියන් පිරිසකට නියමිත පරිදි පාසල් අධ්‍යාපනය හිමි නොවන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී ඇත.
ලොවපුරා මිලියන 258 ක පාසල් සිසුන් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ට ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් අධ්‍යාපන කටයුතු මඟ හැරී ගොස් ඇතැයි ද පැවැසෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)