කොරෝනා නසන්න ආයුර්වේද ප්‍රතිකාර
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට හැකි ආයුර්වේද ඖෂධ වට්ටෝරු සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අවදානය යොමු වී ඇත.
ඉන්දීය ආයුර්වේද කටයුතු පිළිබඳ අමත්‍යාංශය ඉන්දීය රජයට පවසා ඇත්තේ ‘කොවිඞ් 19’ මර්දනය කළ හැකි පාරම්පරික ඖෂධ වට්ටෝරු 4 ඇති බවය.
ඉන්දීය වෛද්‍ය සභාව ද මේ ගැන උනන්දුවක් දක්වා ඇති අතර තෝරා ගත් කොවිඞ් ආසාදිත රෝගීන්ට එම ඖෂධ ලබා දීමට නියමිත බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
මීට අමතරව ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව මේ වනවිට ඉන්දියාවේ එන්නත් වර්ග කිහිපයක් නිපදවෙන බව වාර්තා වේ. එයින් එක් එන්නතක් ඇමෙරිකා ඉන්දීය හවුලක් ලෙස නිර්මාණය වන්නකි.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)