කොරෝනා ආසාදිතයන්ට හොර සහතික නිකුත් කරලා
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ට, වයිරස ආසාදනය වී නැතැයි හොර වෛද්‍ය සහතික නිකුත් කළ රෝහල් බලධාරීන් අත්අඩංගුවට ගැනීමට බංග්ලාදේශ පොලිසිය සමත් වූ බව පැවැසෙයි.
බංග්ලාදේශයේ කොරෝනා වයිරසය දරුණු ලෙස ව්‍යාප්ත වන අතර, ඩකා අගනුවර කාර්යාල සේවක සේවිකාවන්, කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් ඇතුළු බොහෝ දෙනකු සේවයට වාර්තා කළ යුතුව ඇත්තේ කොරෝනා ආසාදනය වී නොමැති බව සහතික කරමිණි.
මුදල් ලබා ගනිමින්, කොරෝනා ආසාදිතයන්ට හොර වෛද්‍ය සහතික නිකුත් කිරීම සිදුවී ඇත්තේ ඩකා අගනුවර ප්‍රධාන පෙළේ රෝහල් හරහා යැයි පොලිසිය පවසයි.
සිදු කළ වැටලීම්වලින් පසු හොර සහතික ලබා දීමේ ජාවාරමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වුණු බව බංග්ලාදේශ පොලිසිය වැඩි දුරටත් පවසා තිබේ. බංග්ලාදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 4,21,921 ක් වන අතර, මරණ වාර්තා වන්නේ 6,092 ක් ලෙසිණි.
ඩකාහිදීය (රොයිටර්)