කොරියා යුද උණුසුම පහව යයි
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස උවදුර මැද උතුරු කොරියාව සහ අසල්වැසි දකුණු කොරියාව අතර පැවැති යුද උණුසුම පහව ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
පසුගිය දින කීපයේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ අර්බුදයක් පැවැතිණි. ඒ, දකුණු කොරියාව ද්‍රෝහිකම් කරනවා යැයි උතුරු කොරියාව චෝදනා නැගීමෙනි.
දෙරට දේශසීමාවට හමුදාව යවන බවටත්, දකුණු කොරියාවට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගන්නා බවටත් උතුරු කොරියාව තර්ජනය කර තිබුණි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක් වී දෙරට අතර හොඳ හිත වර්ධනය කිරීමට දේශසීමාවේ ඉදි කළ සහයෝගීතා කාර්යාල ගොඩනැගිල්ල පවා උතුරු කොරියාව පුපුරුවා විනාශ කළේය.
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙක් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ නියෝජිතයන් අතරේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවෙන් පසු, දකුණු කොරියාවට එරෙහි හමුදාමය ක්‍රියා මාර්ගයක් නොගැනීමට උතුරු කොරියාව තීරණය කළ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සෝල්හිදීය (රොයිටර්)