කොරියාවේ ඉතාලියේ මරණ වැඩිවෙයි
චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙනි.
දකුණු කොරියාවේ ආසාදිතයන් ගණන 7,041 ඉක්මවා ඇත. දකුණු කොරියාවෙන් කොරෝනා මරණ 44 ක් වාර්තා වේ.
දෙවැනියට වැඩිම ආසාදිතයන් වර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ ආසාදිතයන් ගණන මේ වනවිට 5,883 ඉක්මවා ඇති බවත් මරණ 233 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.
චීනයෙන් පිට වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි. පසුගිය සිකුරාදා (6) දිනයේ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 49 කි.
(රොයිටර්)