කෙන්යාවේ ජනාධිපතිවරණයක්



කෙන්යාවේ ජනාධිපතිවරණය ඊයේ (9) පැවැත්විණි. ජනාධිපතිවරණයට සමගාමීව, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරා ගැනීම ද සිදුවෙයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ජනපති ධුරයෙන් සමුගන්නා උහුරු කෙන්යාටාගෙන් පසු ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමටය. කෙන්යාවේ පැවැත්වෙන පස්වැනි ජනාධිපතිවරණය වන්නේ මෙයයි. ව්‍යවස්ථාවට අනුව, කෙන්යාවේ ජනාධිපතිවරයාට ජනාධිපති ධුරය හෙබවීමට ඇති කාලසීමාව ධුර දෙකකට සීමා වෙයි.

ඊයේ (9) පැවැත්වුණු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා රයිලා ඔඩිනාගා සහ විලියම් රුටෝය. කෙන්යාටා ජනාධිපති ධුරය හොබවද්දී, නියෝජ්‍ය ජනාධිපති ලෙස කටයුතු කළේ විලියම් රුටෝ ය. එසේ වුවත්, ජනාධිපතිවරණයේ දී කෙන්යාටාගේ සහාය හිමිවී ඇත්තේ රයිලා ඔඩිනාගාටය.

කෙන්යා මැතිවරණ බලධාරීන්ට අනුව, ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන මිලියන 22.1 කි. කෙන්යාවේ ආර්ථික දරුණු අර්බුදයකට ලක් වී තිබේ. විරැකියාව ඉහළ ගොස් ඇති අතර, රටේ වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙයි. මැතිවරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට  ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතිඥා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS