කීව් අගනුවරට රුසියාවෙන් මිසයිල මාලාවක්
යුක්රේනයේ කීව් අගනුවරට රුසියානු හමුදාව මිසයිල මාලාවක් එල්ල කළේය. එම මිසයිලවලට ප්රතිචාර දක්වමින්, යුක්රේන හමුදාව සතු මිසයිල නාශක පද්ධතිය ක්රියාත්මක විය.
යුක්රේනය එල්ල කළ ප්රති මිසයිලවලින් බේරුණු මිසයිල කීපයක් කීව් අගනුවරට පතිත වුණු බවත්, ඒවායින් හානි සිදුවුණු බවත් යුක්රේන හමුදාව පසුව පැවැසීය. එල්ල වූයේ දිගු දුර බැලැස්ටික මිසයිල යැයි ද යුක්රේන හමුදාව වැඩි දුරටත් කියා සිටියේය.