කීව් අගනුවරට පහර දෙන්න අලුතින් සෙබළු



යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින්, රුසියන් හමුදාව අලුතින් සෙබළුන් ලක්ෂ දෙකක බල ඇණියක් සූදානම් කරමින් සිටින බව යුක්රේන හමුදාපති ජනරාල් වැලේරි සලුස්නී පවසා තිබේ.

මෙම නව සෙබළුන් යොදා ගනිමින් රුසියාව ලබන 2023 වසර ආරම්භයේ කීව් අගනුවර පහර දී අත්පත් කර ගැනීමට සූදානම් වන බව ද යුක්රේන හමුදාපතිවරයා අවධාරණය කර තිබේ.

මේ වනවිට රුසියන් හමුදා වැඩි අවධානයක් යොමු කර ඇත්තේ යුක්රේනයේ නැගෙනහිර සහ දකුණුදිග පළාත් අත්පත් කර ගැනීමටය. රුසියන් හිතවාදීන් සහ රුසියන් හිතවාදී යුක්රේන බෙදුම්වාදීන් සහාය ලබා ගනිමින් රුසියන් හමුදා යුක්රේනයේ නැගෙනහිර පළාත් රැසක් අත්පත් කරගෙන සිටින බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS