කිම් ජොන් උන්ගෙන් හඬ පණිවුඩයක්



උතුරු කොරියා නායක කිම් ජොන් උන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට හඬ පණිවුඩයක් යවා ඇතැයි චීන පුවත් සේවා වාර්තා කළේය.

එම හඬ පණිවුඩය හරහා උතුරු කොරියා නායනකයා සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක් කර ඇති බව ද පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊට අමතරව, චීනය ‘කොවිඞ් 19’ වයිරස වසංගතය මර්දනය කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් චීන ජනාධිපතිට ප්‍රශංසා කිරීමට ද නායක කිම් ජොන් උන් කටයුතු කර ඇතැයි පැවැසෙයි. ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව සමීප සබඳතා පවත්වන රටක් වන්නේ අසල්වැසි චීනයයි.

නායක කිම් ජොන් උන් පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට දින 20 ක් හිටිහැටියේ අතුරුදන් ව සිටියේය. උතුරු කොරියා මාධ්‍ය වාර්තා කළේ ඔහු හදවත් සැත්කමකට ලක් වුණු බවය.

මේ අතර, බටහිර මාධ්‍ය වාර්තා කළේ සැත්කමින් පසු කිම් ජොන් උන් මොළය මියගොස් ගිලන්ව සිටින බවය. එම මාධ්‍ය වාර්තා බොරු කරමින් නාවයක කිම් ජොන් උන් පසුගිය මැයි පළමු වැනිදා ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ, පොහොර කම්හලක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS