කාම්බෝජ අගමැතිට ‘කොවිඞ්’



කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. පසුගිය සති අන්තයේ ඇමෙරිකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘ආසියාන්’ සමුළුව පැවැත් වූයේ කාම්බෝජයේය. ඒ, අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ ප්‍රධානත්වයෙනි.

සමුළුව අවසන් වෙද්දී, අග්‍රාමාත්‍යවරයා සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයෙන් පසුවුණු බැවින්, ඔහු වෛද්‍ය උපදෙස් මත ‘කොවිඞ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණු බව පැවැසෙයි. අග්‍රාමාත්‍යවරයා ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ ඒ අනුවය.

‘ජී20’ සමුළුවට සහභාගී වීමට ඉන්දුනීසියාවේ බාලි බලා යෑමට පෙර, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද ‘ආසියාන්’ සමුළුවට සහභාගී විය. සෙසු රාජ්‍ය නායකයන් මෙන්ම බයිඩන් ද, කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් ට අතට අත දෙමින් ඔහු සමීපයේ ගැවසුණේය.

‘ජී20’ සමුළුවට සහභාගී වීමට පෙර ද බයිඩන් ‘කොවිඞ් 19’ පරීක්ෂණයකට යොමු කළ බවත්, ඔහුට වයිරදය ආසාදනය වී නොමැති බව තහවුරු වුණු බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS