කාබුල් ප්‍රහාරය අයි.එස්. බාරගනී



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට පසුගිය දා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව, එරට ක්‍රියාත්මක අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසා ඇත.

එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 27 කි. තුවාල ලැබූ ගණන 40 කි. ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගන් දේශපාලන නායක අබ්දුල්ලා අබ්දුල්ලා සහභාගී වූ ජන රැලියකටය. අබ්දුල්ලා අබ්දුල්ලාට ප්‍රහාරයෙන් අනතුරක් සිදුවූයේ නැත.

(රොයිටර්)


RECOMMEND POSTS