කසක්තානයේ හදිසි තත්ත්වයක්



මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන කසක්ස්තානයේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 8 දක්වා ඉහළ යෑමත් සමඟ එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.

හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් කසක්ස්තාන ජනාධිපති කසුයුම් ජොමාර්ට් ටොකායේව් කියා සිටියේ වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවය.

හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් දීපව්‍යාප්ත නිරෝධායන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS