කල්පනාවෙන් වැඩ කරන්න
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට පැනැවූ ලොක්ඩවුන් තහංචි සහ ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ නම්, ඒ ඒ රටවල් ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.
‘කොවිඞ් 19’ වයිරසය පාලනය කිරීමට සහ ව්‍යාප්තිය වැළැක්වීමට අනුගමනය කළ හැකි සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වා ගැනීම ද ඉතා වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් කියා සිටී.
සමාජ දුරස්ථභාවය රැක ගැනීම සහ නිවසින් පිටව යද්දී මුහුණු ආවරණ පැලඳීම කළ යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කරයි. එසේ නොකරන්නේ නම්, ලොක්ඩවුන් සහ ඇඳිරි නීතිය පැනැවීමෙන් වයිරසය පාලනය කර ගැනීම අසාර්ථක වනු ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘කොවිඞ් 19’ වයිරසය තවත් මාස කිහිපයක් අප අතරේ පවතිනු ඇති බව පැහැදිලි කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙඩෝස් ඇඞ්හැනොම් ගෙබි්රයේසිස් ප්‍රකාශ කළේ වයිරසය මර්දනය කළ හැකි එන්නත් 8 ක් කෙරෙහි අවධානය යොමු වී ඇති බවය. මහා බි්රතාන්යය අත්හදා බලමින් සිටින එක් එන්නතක් ‘කොවිඞ් 19’ ආසාදිතයකු දින 3 කින් සුව කළ හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දී ඇත.
ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දෙන අන්දමට ‘කොවිඞ් 19’ වයිරසයෙන් ලොව පුරා 2,85,500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇමෙරිකාවේ පමණක් මියගිය ගණන 80,000 කට වැඩිය. ‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමිනි.
ජිනීවාහිදීය (රොයිටර්)