කර්සොන් නගරයෙන් රුසියන් හමුදා ඉවතට



යුක්රේනයේ කර්සෝන් නගරයෙන් පසුබසින්නැයි රුසියන් හමුදාවට එරට ආරක්ෂක අමත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කර්සෝන් නගරයෙන් පසුබසින්නැයි හමුදාවට අණ දී ඇත්තේ රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු ය.

කර්සෝන් නගරයේ සිටින රුසියානු හමුදාවන්ට සැපයුම් ප්‍රවාහනය කිරීමට හැකියාවක් නොමැති බැවින්, දිනිප්‍රෝ ගංගාවේ බටහිර ඉවුරෙන් රුසියානු හමුදා සම්පුර්ණයෙන් ඉවත කර ගැනීමට තීරණය කළේ යැයි යුක්රේනයේ රුසියානු හමුදා  අණදෙන නිලධාරී ජනරාල් සර්ගෙයි සුරොවයිකින් පැහැදිලි කර ඇත.

රුසියානු හමුදාවට කර්සෝන් නගරය අහිමි වීම රුසියාව ලැබූ පරාජයක් බව යුක්රේන හමුදා පවසා තිබේ. රුසියානු හමුදා ගත් මෙම පියවර තමන් බලාපොරොත්තු වූ බවත් ශීත සෘතුවේදී යුක්රේන සහ රුසියානු හමුදාවන්ට තමන්ගේ ස්ථාවරය පිළිබඳ සිතා බැලීමට අවස්ථාව ලැබෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර ඇත.

දිනිප්‍රෝ ගංගාවේ බටහිර ඉවුරෙන් රුසියානු හමුදා ඉවත් වී නැගෙනහිර ඉවුරේ ස්ථානගත වෙනු ඇතැයි ජනරාල් සර්ගෙයි සඳහන් කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS