කනගාටුව පළ කරලා චීන ජනපතිට ලිපියක්
උතුරු කොරියා නායක කිම් ජොන් උන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.
ලිපිය යවා ඇත්තේ චීනයේ පැතිරෙමින්, ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙනි.
වයිරසය මර්දනයටත්, ඊට ප්‍රතිකර්මයක් සොයා ගැනීමටත් චීන රජයට ශක්තිය ධෛර්යය හිමිවේවා යැයි උතුරු කොරියා නායකයා යැවූ ලිපියෙහි දැක්වෙයි.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ සමීප සබඳතා පවතී. චීනයේ අසල්වැසියකු වන්නේ උතුරු කොරියාවය.
(අල් ජසීරා)