ඕස්ටේ‍්‍රලියාවේ හදිසි තත්ත්වයක්



බලපා ඇති අධික උණුසුම හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කෙරුණු බව  ඕස්ටේ‍්‍රලියා පුවත් සේවා වාර්තා කරයි.

නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 40.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. එය තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ඕස්ටේ‍්‍රලියා ඉතිහාසයේ වැඩිම උණුසුමක් වාර්තා වූ දිනය ලෙස ඊයේ (18) දිනය සැලකිය හැකි යැයි කාලගුණ විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටියහ. මීට පෙර මේ අයුරින්  ඕස්ටේ‍්‍රලියාවේ උෂ්ණත්වය ඉහළ ගියේ 2003 දී යැයි පුවත් සේවා පෙන්වා දී තිබේ.

කැන්බරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS