ඕස්ට්‍රේලියාව සමඟ ගුවන් ගමන් අරඹනවා
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් නවතා දැමුණු ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරන බවත් ඒ අනුව පළමුවෙන් ආරම්භ වන්නේ අසල්වැසි ඕස්ට්‍රේලියාව සමඟ ගුවන් ගමන් බවත් නවසීලන්ත අගමැතිනිය කියයි.
තමන් ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් සමඟ සාකච්ඡා පැවැත් වූ බවත්, දෙරට අතරේ ගුවන් ගමන් ජූනි පළමු වැනිදා සිට ආරම්භ කිරීමට ඒ අනුව සාකච්ඡා පැවැත්වුණු බවත් නවසීලන්ත අගමැතිනිය මාධ්‍ය හමුවේ පවසා ඇත.
'කොවිඩ් 19' වයිරසය ඉතා ඉක්මනින් පාලනය කර ගැනීමට සමත් වූ රටක් ලෙස සැලකෙන්නේ නවසීලන්තයයි. වයිරස රෝගීන් හමුවෙද්දී සෞඛ්‍ය උපදෙස්වලට කන් දෙමින් නවසීලන්ත අගමැතිනී ජැසින්ඩා එර්ඩන් රට ලොක් ඩවුන් කළාය.
වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට එය හේතුවක් විය. දැන් නවසීලන්තයේ දෛනික කටයුතු යළි ආරම්භ වී ඇත්තේ සමාජ දුරස්ථභාවයට සහ පිරිසුදුකමට මුල්තැන දෙමිනි.
ජූනි පළමු වැනිදා සිට නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර සුපුරුදු පරිදි ගුවන් ගමන් ආරම්භ වනු ඇති බවත්, මගීන්ට දින 14 ක් නිරෝධායනය නොවී සාමාන්‍ය පරිදි ගුවනින් ගමන් කළ හැකි බවත් අගමැතිනිය පෙන්වා දුන්නාය.
වෙලිංටන්හිදීය (රොයිටර්)