ඕස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත අනිවාර්යයි



පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සැලකීමට නම්, පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව, බූස්ටර් එන්නත් මාත්‍රාව ද අනිවාර්ය බව ඕස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමඟ එරට වැසියන්ගේ විරෝධය ඊට එල්ල විය.

දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගෙන මාස 6 කින් බූස්ටර් එන්නත ලබා ගෙන නැතිනම්, එම තැනැත්තාගේ සිරුරේ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇත්තේ නැහැ. ඒ නිසා බූස්ටර් එන්නත් නොගත් පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්වුණු බව පිළිගැනෙන්නේ නැහැ’ යැයි ඕස්ට්‍රේලියා ආග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබේ.

එන්නත් හෝ ඖෂධ හෝ ජනතාවට බලහත්කාරයෙන් ලබා දීම කළ නොහැකි යැයි ඕස්ට්‍රේලියානු වැසියන් චෝදනා කර ඇති අතර, එන්නත් අනිවාර්ය කිරීමට ඕස්ට්‍රේලියා රජය ගන්නා තීරණ සම්බන්ධයෙන් විරෝධතා ආරම්භ කර තිබේ.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16 ට වැඩි සියයට 94 ක පිරිසක් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගෙන ඇති අතර, බූස්ටර් එන්නත ලබා ගත් පිරිස මිලියන 10 ක් බව පැවැසෙයි.

මේ අතර, මේ වනවිට ඕස්ට්‍රේලියාවට විදෙස් සංචාරකයන්ට විවෘත කර ඇති බැවින්, ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් ප්‍රමාණවත් යැයි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS