ඔලිම්පික් කල් යයි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් ජපානයේ පැවැතිවීමට නියමිත ඔලිම්පික් උළෙල කල් දැමීමට  ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළේය.

ඒ අනුව, ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමීමට පියවර ගන්නා බව ඔලිම්පික් කමිටුව වැඩි දුරටත් නිවේදනය කළේය.

ඔලිම්පික් උළෙල මෙම ජූනි මාසයේ සිට අගෝස්තු දක්වා ජපානයේ ටෝකියෝ නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමතව තිබුණි.

ඔලිම්පික් කල් දමන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා කීපයකදී ජපන් අගමැති ෂෙන්සෝ අබේට සහ ඔලිම්පික් කමිටුවට දන්වා සිටි බව ද වාර්තා වේ.

ටෝකියෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS