ඔබාමා ට්‍රම්ප්ට දොස් කියයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකාවට දරුණු ලෙස බලපෑම් එල්ල කළේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය වයිරසය අවතක්සේරු කළ නිසා යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා චෝදනා කරයි.

ඩිමොක්‍රටික් පාක්ෂික ඔබාමා වැඩි දුරටත් පවසා ඇත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය වයිරසය මර්දනය කිරීමට ගත් ක්‍රියා මාර්ග ඇල්මැරුණු ස්වරූපයක් ගත් බවය.

මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 1.3 කට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇති අතර, වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව 78,000 පසු කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS