එලිසබත් රැජිනගෙන් ඉල්ලීමක්
දෙවැනි ලෝක යුද්ධයේ 75 වැනි සැමරුම වෙනුවෙන් රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්රකාශයක් කළ දෙවැනි එලිසබත් මහ රැජින බි්රතාන්ය ජනතාවගෙන් ඉල්ලා සිටියේ බලාපොරොත්තු අත් නොහරින ලෙසය.
බි්රතාන්ය මහ රැජින මෙසේ ඉල්ලීමක් කළේ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බි්රතාන්ය වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අවස්ථාවකය.
දෙවැනි ලෝක යුද්ධයේ 75 වැනි සැමරුම් උත්සව රැසක් ඊයේ (9) පැවැත්විණි. කෙසේ නමුත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බි්රතාන්යයේ සැමරුම් උත්සව පැවැත්වූයේ නැත.
ලන්ඩනයේදීය (රොයිටර්)