එන්නත නිපදවූ හැටි රුසියාව පහදයි
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට එන්නත නිපදවූයේ ඉබෝලා සහ මර්ස් යන වයිරස ආසාදනය වීම වැළැක්වීමට ප්‍රතිකර්මයක් සෙවීමේ දී ලැබූ අත්දැකීම් අනුව යැයි රුසියානු විද්‍යාඥයෝ පැහැදිලි කරති.
රුසියාව නිපදවා ඇතැයි පැවැසෙන කොරෝනා ආසාදනය වීම වළක්වන එම එන්නත 'ස්පුට්නික් 5' යනුවෙන් නම් කර තිබේ. එන්නත නිපදවා ඇත්තේ ගමාලෙයා නමැති රුසියානු වෛද්‍ය පර්යේෂණ ඒකකයයි.
'ඉබෝලා සහ මර්ස් වයිරස සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵල අනුව, මාස 5 ක් වැනි කෙටි කාලයක් තුළ කොවිඩ් 19 ආසාදනය වීම වළක්වන එන්නත නිපදවීමට හැකියාව ලැබුණා' යැයි ගමාලෙයා වෛද්‍ය පර්යේෂණ ඒකකයේ ප්‍රධානී ඇලෙක්සැන්දර් ගින්ට්ස්බර්ග් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(රොයිටර්)